― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකළුතර දැරියන්ට අමුතු පාඩම් ඉගැන්වූ ගණිත ගුරා සොයා මෙහෙයුම්

කළුතර දැරියන්ට අමුතු පාඩම් ඉගැන්වූ ගණිත ගුරා සොයා මෙහෙයුම්

ගණිතය විෂය උගන්වන කළුතර පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සිසුවියන් 16 දෙනෙකුට පමණ ලිංගික අතවර කර ප්‍රදේශයෙන් පලාගොස් සිටින උපකාරක පංති ගුරුවරයෙකු සොයා කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පාසල් සිසුවියන්ට පංති කාමර තුළදී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුලදී ලිංගික අතවර කර ඇති බවත් ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව පොලිස් නිළධාරියෙක් පැවසුවා.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා දෙමව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශන පටිගත කර ඇති බවද සදහන් වෙනවා.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි පොලිසිය පොලිස් නිළධාරියෙක් කීය.

අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙක්ගේ දියණියක් සිටින බවද වාර්තා වෙනවා. කළුතර පොලිස් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසෙනවා.

ගණිතය විෂය උගන්වන සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම කළුතර පොලිස් කොට්ඨාශය තුළ පොලිස් ස්ථාන කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන් වෙනවා.