― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsසිවලිංගම් ආරූරන් නිදොස් කොට නිදහස්

සිවලිංගම් ආරූරන් නිදොස් කොට නිදහස්

2006 වසරේදී පිත්තල හන්දිය ප්‍රදේශයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි සිවලිංගම් ආරූරන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙලෙස ඔහුව නිදොස්කොට නිදහස් කර ඇත. 2013 වසරේදී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි චෝදනා 13ක් යටතේ මෙම නඩුව පවරා තිබූණා.

2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා තිබෙනවා. මොහුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත්අඩංගුවට පත්වුණා.