― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමෙරට ජනගහනයෙන් බාගෙකටම ප්‍රෙෂර්

මෙරට ජනගහනයෙන් බාගෙකටම ප්‍රෙෂර්

මෙරට පිරිමින්ගෙන් 62%ක් සහ කාන්තාවන්ගෙන් 48.1%ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව ස්ටෙප්ස් සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

ලෝක අධිරුධිර පීඩන දිනය නිමිත්තෙන් ඊයේ (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදියි මේ බව අනාවරණය ඇත්තේ.

අධිරුධිර පීඩනය ලොව පුරා වාර්තා වන හෘද සහ රුධිරවාහිනි රෝගවලට සහ බොහෝමයක් අකල් මරණවලට හේතු වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ දැඩි හිසරදය, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාවය, ඔක්කාරය, වමනය, බොඳවී පෙනීම අධිරුධිර පීඩනයේ රෝග ලක්ෂණ බවයි.