28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් තොගයක් සමඟ 06ක් අත්අඩංගුවට

හෙරොයින් තොගයක් සමඟ 06ක් අත්අඩංගුවට

දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුවයි මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ මෙම සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (18) කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතය.