මේ දිනවල පවතින උණ තත්ත්වය සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වේදනා නාශක ලබා නොගන්නැයි කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක පවසයි.
එසේ නොමැතිව වේදනා නාශක භාවිතය මඟින් පුද්ගලයින්ගේ ජීවිතය අනතුරේ වැටෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ වෛද්‍යවරුන්ද රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.