― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපැරණි පෙම්වතියව ත්‍රීවිලරයෙන් රැගෙන ගොස් පැරණි පෙම්වතා සිදුකළ දේ

පැරණි පෙම්වතියව ත්‍රීවිලරයෙන් රැගෙන ගොස් පැරණි පෙම්වතා සිදුකළ දේ

මහ පාරේ පයින් ගමන් කරමින් සිටි පැරණි පෙම්වතියව ත්‍රීවිල් රථයකින් පැහැර ගෙන ගොස් පහරදී නැවත පැහැර ගත් ස්ථානයට ගෙනවිත් ඇරලු පැමිණිලිකාර පෙම්වතියගේ පැරණි පෙම්වතාව 30 වෙනිදා දක්වා රිමාන්ඩ් භරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය අද (18) පස්වරුවේ නියම කළාය.

දිවුලපිටිය , පල්ලියපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. සැකකරු සමඟ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ත්‍රීවීල් රථයේ රියැදුරු දැඩි කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදාහැරුනි .

පැමිණිලිකාරිය වසරක පමණ කාලයක් සැකකාර පෙම්වතා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත් වීමෙන් අනතුරුව පෙම් සම්බන්ධතාවය නවතා ඇති බව පොලිසිය කියයි.

ඊට උරණ වූ සැකකාර පෙම්වතා මිතුරකු සමග ත්‍රීවිල් රථයකින් පැමිණ මරදගහමුල, නෙල්ලිගහමුල ප්‍රදේශයේදී පැමිණිලිකාර තරුණියව පැහැරගෙන ගොස් අලුතැපොල ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් වෙනත් අයෙකුව විවාහ කර නොගන්නා ලෙස බලකරමින් සහ තර්ජනය කරමින් පහරදී ඇති බව දිවුලපිටිය පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.

ත්‍රීවිල් රථ රියදුරුගේ සහ අලුතැපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ගේ බලකිරීම් මත සැකකරු පැහැර ගත් පැමිණිලිකාර තරුණියව නැවත ත්‍රීවිල් රථයෙන් පැහැර ගත් ස්ථානයට ගෙනවිත් දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැමිණිල්ල මෙහෙයවමින් දිවුලපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජී.කේ.සුබසිංහ නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.