― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොවිඩ්වලින් පසු ඇතිවන සංකූලතා ගැන හෙළිදරව්වක්

කොවිඩ්වලින් පසු ඇතිවන සංකූලතා ගැන හෙළිදරව්වක්

කොවිඩ් ආසාදනය වීමෙන් පසු සංකූලතා ඇතිවන පුද්ගලයින්ගෙන් සියයට 90ක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම නිසා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව කඩිනමින් පියවර ගත යුතු බව එහි කමිටු සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියි. ඔහු වැඩිදුරටත් පවසන්නේ,

“රෝහලවල වාට්ටු නැවත වාරයක් රෝගීන්ගෙන් පිරෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අපේ ICU වාට්ටුවල නැවතත් කොවිඩ් රෝගීන් වැඩිවෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ආර්ථිකව වැටෙන්නේ නැතුව රට ඉදිරියට යන්න නම් රටක් වශයෙන් අපි අනුගමනය කළ යුතු කාරණා 2ක් තියෙනවා. පළවෙනි කාරණය සෞඛ්‍ය නීතිරීති පිළිපැදීම සහ වගකීමෙන් යුතුව මේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීම. මේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ පැහැදිලි අඩුවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා මේ තෙවැනි මාත්‍රාව මූලික කරගෙන වැරදි ප්‍රචාර ජනතාව අතර වැඩි වශයෙන් සිදුවෙලා තියෙනවා. ඒක ප්‍රබල ගැලුවක්. මොකද තෙවන මාත්‍රාව තුළින් රෝගය පැතිර යාම අඩුවෙලා තියෙනවා. ඒ වගේම රෝහල්ගතවීමේ අවශ්‍යතාවය අඩුවෙලා තියෙනවා. ඒ වගේම ICUවලට රෝගීන් යොමුවීම අඩුවෙලා තියෙනවා. ඒ නිසා තෙවන මාත්‍රාව ලබා ගැනීම ඉතාම වැදගත්.”