26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාව - ශ්‍රී ලංකාව නැව් මඟින් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹේ

ඉන්දියාව – ශ්‍රී ලංකාව නැව් මඟින් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹේ

ජූනි මස 10 වැනිදා සිට දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි සිට කන්කසන්තුරේ දක්වා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවයක් ආරම්භ කිරීමට හේලිස් සමාගමට අවසර ලැබී තිබේ.

ඒ අනුව එම සමාගම භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල නිරත වන අතර තවත් සමාගම් හතරක් ඊට අවසරය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ කරෙයිකාල් හා කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන සේවා ව මැයි මස 15 වැනිදා සිට ආරම්භ කිරීමට මුලින් සැලසුම් කොට තිබුණද එම සැලසුම දියත් කිරීමට ඉන්දියාව පාර්ශ්වයෙන් තවත් කාලයක් ඉල්ලා සිටීම නිසා එම මගී නැව් සේවා ආරම්භ කිරීම කල් දැමීය.