වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 27ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසයි.
එම වෙඩි තැබීම්වලින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු අවධාරණය කළේ.
මීට ආසන්නතම සිදුවීම ඊයේ (05) මීගොඩ වල්පිට ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහිදී සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා තුවාල ලැබීය.
ඔහු තනතුරේ වැඩ භාරගැනීම සඳහා නිවසේ සිට සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කීඊම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.


