26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්යානා ගොඩ බැස්සවීමේ ගාස්තු පහළට

ගුවන්යානා ගොඩ බැස්සවීමේ ගාස්තු පහළට

කටුනායක ගුවන්තොටුපොළට ගොඩබාන ගුවන් යානා සඳහා ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

මේ තීරණය ගුවන් සමාගම්වලට දැනුම් දුන් බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ මත්තල ගුවන්තොටුපොළට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් ඒ අනුව පළමු අවුරුදු හතරේදී ගුවන් සමාගම්වලට සහන රැසක් ලබා දෙන බවත්ය.

පළමු අවුරුද්දේදී ගාස්තුවලින් සියට සීයක් අත් හැරීමටත් දෙවෙනි අවුරුද්දේදී සියයට 50 ක් අත් හැරීමටත් සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.