― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රිරෝද රථ පාපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ පාපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථ පාපැදි අනතුරකින් අලුත්ගම පුද්දලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ අලුත්ගම දර්ගා නගරය ගග අද්දර පාරේ පදිංචිව සිටී මොහොමඩ් ෆයිසල් මොහොමඩ් සෆරුල්ලා නැමැති 32 හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.

ත්‍රිරෝද රථය ඊයේ (07) රාත්‍රි 9.15 ට පමණ අළුත්ගම දෙස කළුතර දෙසට ධාවනය වී ඇති අතර දැව සංස්ථාව ආසන්නයේදී එදෙසෙටම ධාවනය වූ පාපැදිකරුගේ ගැටී අනතුර සිදුව තිබේ.

බරපතළ තුවාල ලැබූ පාපැදිකරු බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල් ගතකිරිමේදී ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

මේ වනවිට ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෘතදේහය බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.