මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගත යුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.
මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම ඉතා අවම මට්ටමක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.