26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමවක් දරු දෙදෙනා මහමඟ දමා යයි

මවක් දරු දෙදෙනා මහමඟ දමා යයි

අම්බලන්ගොඩදී මවක් විසින් මාස 06ක බිළිඳෙකු සහ අවුරුදු 06ක දරුවෙකු මහමඟ දමා ගොස් ඇති බව පොලීසිය පැවසීය.

ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් මෙම දරුවන් අම්බලන්ගොඩ නගරයේ රැඳී සිටියදී පොලිස් ස්ථානය වෙත බාර දී ඇති අතර මාස 06 බිළිඳා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

06 හැවිරිදි දරුවා තවමත් අම්බලන්ගොඩ පොලිස් භාරයේ පසුවන අතර මව කවුරුන්ද යන්න පොලිසිය හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.