― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබලු පැටවුන් අතර මාරාන්තික ශ්වසන රෝගයක්

බලු පැටවුන් අතර මාරාන්තික ශ්වසන රෝගයක්

බලු පැටවුන් අතරේ හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක පවසයි.

මාස 8ට අඩු සුරතල් සතුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.

හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම වමනය හා පාචනය, විදුරු මස අවපැහැ ගැනීම, (සුදුමැලි බව) කෑම අරුචිය, කම්මැලි බව මෙහි රෝග ලක්ෂණ වන අතර දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවයි පශු වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

මෙම රෝගයෙන් ඔබේ සුරතලාත් බේරා ගැනීමට නම් කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලයි.