― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරට රැකියා ජාවාරමකට සම්බන්ධ මන්ත්‍රී මල්ලී අත්අඩංගුවට

රට රැකියා ජාවාරමකට සම්බන්ධ මන්ත්‍රී මල්ලී අත්අඩංගුවට

ඩුබායි හි රැකියා ලබදෙන බව පවසමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මඟින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කකර දී පුද්ගලයින් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙක් මහනුවර පොලිසිය මඟින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ හලීම්ගේ සොහොයුරා බවයි වාර්තා වන්නේ.

සැකකරු ඩුබායි දේශයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් අනතුරුවයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මඟින් එම වීසා බලපත්‍ර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමුකර සිදුකළ විමසීමක දී ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර බව තහවුරු කරගෙන තිබෙනවා.

මහම්මදු හාෂීන් අලීම් මහම්මුදු රාසික් නමැති මෙම සැකකරු 58 හැවිරිදි වියේ පසුවන්නෙක්.

සැකකරු මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.