32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහමුදා සෙබළුන් 05ක් රෝහලට යැවූ රිය අනතුර

හමුදා සෙබළුන් 05ක් රෝහලට යැවූ රිය අනතුර

නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ රඳාවඩුන්න ප්‍රදේශයේදී අද (20) අලුයම සිදු වී රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ යුද හමුදා නිලධාරීන් 6දෙනෙක් සිට ඇති අතර ඉන් 5 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක්, සැරයන්වරයෙක් හා කෝප්‍රල්වරුන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා ගිරිතලේ කඳවුරට යමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.