― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනෙන් ලංකාවට අලුත් තෘණ විශේෂයක්

චීනෙන් ලංකාවට අලුත් තෘණ විශේෂයක්

‘ඇල්ෆැල්ෆා’ නමින් හඳුන්වනු ලබන විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමට චීනයේ සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල ගවයන්ට මෙලෙස තෘණ විශේෂය වගා කරනු ඇති. මෙම තෘණ විශේෂය වගා කිරීමෙන් පසුව චීනයට අපනයනය කිරීමට නියමිතය. මේ පිළිබඳව අදාළ චීන සමාගමේ නියෝජිතයන් සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අතර සාකච්ඡාවක්ද පැවැත්විය.

මුලින්ම මෙම තෘණ බීජ මෙරට ජාතික ශාක නිරෝධායන සේවයට යොමුකර පරීක්ෂා කළ යුතු බවයි මෙහිදී කෘෂිකර්ම බලධාරීන් පවසා ඇත්තේ. මෙම තෘණ විශේෂය ආක්‍රමණශීලී ශාක විශේෂයක්ද යන්න හා එම බීජ මෙරට පරිසර පද්ධතියට ගැළපේද යන්න පිළිබඳව පරීක්ෂා කළ යුතු බව කෘෂිකර්ම බලධාරීන් චීන සමාගමේ නියෝජිත පිරිසට දැනුම්දී තිබේ.

ලංකාව තුළ දැනට මෙම ඇල්ෆැල්ෆා තෘණ වගාව සිදු නොකෙරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. චීන සමාගම විසින් අදාළ තෘණ විශේෂයේ බීජ සැපයීම සිදු කරන අතර ගොවීන් එම බීජ සිය ඉඩම්වලට යොදා වගා කිරීමෙන් පසුව තෘණ අස්වැන්න චීන සමාගම විසින් මිලදී ගැනීමට නියමිතය.

තෘණ විශේෂය යොදාගෙන සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට මෙරට තුළ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සම්බන්ධවද චීන සමාගම සාකච්ඡා කර තිබෙනවා