― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsක්‍රිකට් ආයතනයේ ආදායම ගැන තොරතුරු එළියට

ක්‍රිකට් ආයතනයේ ආදායම ගැන තොරතුරු එළියට

2022 මුදල් වර්ෂය සඳහා රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාබයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එම වසරේ ක්‍රිකට් ආයතනයේ මුළු ආදායම රුපියල් බිලියන 17.5ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2022 වසර සඳහා වන පරිපාලනයේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන එහි සාමාජිකයින් ඒකමතිකව අනුමත කළ අතර එය 2021 වසරේ ආදායමට වඩා 120%ක් වැඩි බවයි.

පසුගිය 17 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මහා සභා රැස්වීමේදී මෙය අනුමත වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම මූල්‍ය වර්ෂය තුළ ලබා ගත් රුපියල් බිලියන 6.3 ක්‍රිකට් ආයතනය සිය සමස්ත ඉතිහාසය තුළම මූල්‍ය වර්ෂයක් තුළ වාර්තා කළ ඉහළම වාර්ෂික ශුද්ධ අතිරික්තය ලෙසටයි සැලකෙන්නේ.

මෙම ශුද්ධ ආදායම ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ICC වාර්ෂික සාමාජික ගෙවීම් වැනි ආදායම් අංශ හතරකින් සමන්විතයි.

2022 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රකාශන කටයුතු සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය, සිය විගණක වාර්තාවේ නුසුදුසු මතයක් නිකුත් කර ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.