― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබිත්තර සහ කුකුළු මස් ප්‍රශ්නය මාස තුනකින් අවසන් කරනවා - කෘෂිකර්ම අමාත්‍ය...

බිත්තර සහ කුකුළු මස් ප්‍රශ්නය මාස තුනකින් අවසන් කරනවා – කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

බිත්තර සහ කුකුළු මස් මිල අඩු කිරීමට අවම වශයෙන් මාස 03ක කාලයක් ගතවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පසුගිය දා මේ බව සඳහන් කළා.

මේ වනවිට කුකුළු කර්මාන්තයේ කැපී පෙනෙන ප්‍රගතියක් පවතින අතර, බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන වසර වනවිට කුකුළු මස් සහ බිත්තර අපනයනය කර විදේශ විනිමය ගෙන ආ හැකි කර්මාන්තයක් බවට මෙය පත්කර ගැනීම අරමුණ වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ වනවිටත් මෙරට මස් ඇතැම් රටවල්වලට අපනයනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.