― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමවගේ අසනීපය නිසා සිඟිත්තිය කෑම සිර වී ජීවිතක්ෂයට

මවගේ අසනීපය නිසා සිඟිත්තිය කෑම සිර වී ජීවිතක්ෂයට

තම සිඟිති දියණියට ආහාර ලබාදෙමින් සිටි 26 හැවිරිදි මවකට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ මව සිය දියණියට ආහාර ලබදෙමින් සිටින අතරතුර එකවරම මවට අපස්මාර රෝගය වැළඳී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේදී දැරියගේ උගුරේ ආහාර සිරවීමෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දැරිය මව බදාගෙන බිම වැතිරි සිටින අවස්ථාවේදී අසල්වාසීන් විසින් දැරිය සහ මව ඊයේ (25) රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගතකරන අවස්ථාවේදී දැරිය මියගොස් සිට ඇති බව බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාර මරණ පරීක්ෂණය සඳහා එය දික්ඔය මුලික රෝහල වෙත යොමු කර තිබෙනවා.