පොලිස් හදිසි ඇමතුම් සේවාවට ලද තොරතුරකට අනුව අම්පාර පොලිසිය විසින් සිදුකළ විශේෂ වැටලීමක දී අම්පාර ප්‍රදේශයේ පාළු නිවසක මත්පැන් පානය කරමින් සිටි තරුණයන් තිදෙනෙකු සහ තරුණියන් තිදෙනෙකු අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිසු සිසුවියන් උපකාරක පංති යන බව නිවෙස්වලට පවසමින් මෙසේ පාළු නිවසකට වී මත්පැන් පානය කර ඇති බවයි වාර්තා වන්නේ
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම පිරිස අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් සිටි බවට තහවුරු වූ බවයි පොලිසිය පවසා සිටියේ.
තරුණ තරුණයන් පාසල් යන වයසේ පසුවන වයස අවුරුදු 18 ක් වූ පිරිසක් බව අනාවරණය වී ඇත.