විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ අත්සනින් යුතුවයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමට සිදුවනවා.