― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑයාර් චයිනා කටුනායක ගමන් නැවත අරඹයි

එයාර් චයිනා කටුනායක ගමන් නැවත අරඹයි

චීනයේ සිට ශ්‍රී ලංකාව දක්වා එයාර් චයිනා (Air China) ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව චීනයේ සිචුආන් සිට කටුනායක දක්වා ගුවන් ගමන් වාර 3ක් සහ කටුනායක සිට චීනයේ සිචුආන් දක්වා ගුවන් ගමන් වාර 3ක් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන්තොටුපොළ පවසන්නේ එම ගුවන් ගමන් එළඹෙන ජුලි මස 03 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි. ඒ අනුව චීනයේ සිචුආන් සිට ගමන් අරඹන එයාර් චයිනා (Air China) CA 425දරණ ගුවන් යානය සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 08.55ට කටුනායකට ළඟාවීමට නියමිතය.

එසේම කටුනායක සිට ගමන් අරඹන එයාර් චයිනා (Air China) CA 426 දරණ ගුවන් යානය සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල රාත්‍රී 10.15ට චීනයේ සිචුආන් වෙත ළඟාවීමට නියමිතය.