මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, මත්පැන් නිෂ්පාදනාගාරවලින් අය වියයුතු බදු මුදල් දින 14ක් තුළ ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ සමාගම් වෙත උපදෙස් දී ඇති බවයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එම සමාගම් වෙතින් බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 616ක පමණ මුදලක් රජයට අය විය යුතුව ඇති බවයි.
මත්පැන් නිෂ්පාදන සමාගම් 10ක් වෙතින් එලෙස බදු මුදල් අය කරගැනීමට නියමිත අතර ඊයේ (27) අදාළ සමාගම් කැඳවා දින 14ක කාලයක් තුළ සියලු මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.