26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි ගාස්තුව ගැන අවසන් තීරණය හෙට

විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය හෙට

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව හෙට (30) දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා. ඊට අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබුණා. එම කටයුතු පෙරේදා අවසන් කර තිබුණා.

කොමිෂන් සභාව හෙට දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේ.