29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේදී විශේෂඥ වෛද්‍යවරු 50ක් රට හැර ගිහින්

මේ වසරේදී විශේෂඥ වෛද්‍යවරු 50ක් රට හැර ගිහින්

විශේෂඥ වෛද්‍යවරු 50 දෙනෙක් මෙම වසරේදී රට හැර ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හදිසි අනතුරු අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනෙකු සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 30 දෙනෙකු මෙලෙස රට හැර ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 17වන දා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලුනු අවස්ථාවේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.