27.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

දේශීය ණය ප්‍රශස්ථකරණය කිරීමේ යෝජනා සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි විය.එහි පාර්ලිමේන්තු විවාදය සහ ඡන්දය අද පැවැත්වීමට ඊයේ (30) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ අනුව පාර්ලිමේන්තු විවාදය අද පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පැවැත්වෙනවා.

අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ මුදල් පිළිබද කාරක සභාවේ බහුතර අනුමැතිය ලබා ගත යුතුයි.එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව ඊයේ දෙවනවරටත් රැස්වුණා.

සංශෝධනවලට යටත්ව අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහි අනුමැතිය හිමිවුණා.