29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබන්ධනාගාරගතව සිටි විදෙස් ජාතික රැඳවියෙක් ජීවිතක්ෂයට

බන්ධනාගාරගතව සිටි විදෙස් ජාතික රැඳවියෙක් ජීවිතක්ෂයට

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්තානු ජාතික රැඳවියෙකු අසනිප තත්ත්වයක් හේතුවෙන් හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී අද (04) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි පාකිස්තාන ජාතිකයෙකි.

හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට මීගමුව මහාධිකරණය විසින් 2019 වසරේදී මෙම රැඳවියාට ජිවිතාන්තය දක්වා දඬුවම නියම කර තිබේ.

මෘතශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර බන්ධනාගාර නිලධාරින් විසින් මේ සම්බන්ධව පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලය වෙත දැනුම්දීමට නියමිතයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශ අගුණුකොළපැලැස්ස පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබයි.