26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිභාර බද්දෙන් ETF, EPF හැලෙයි

අධිභාර බද්දෙන් ETF, EPF හැලෙයි

අධිභාර බද්ද සදහා ETF, EPF ඇතුළු තවත් අරමුදල් 09ක් ඇතුළත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඊයේ (14) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව පවසා ඇත. මෙය 2020 සහ 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් බිලියන 2,000 කට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ ආයතන මත එකවරක් පමණක් අයකරන 25% ක අධිභාරයක් පමණක් බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.

එවැනි පුද්ගලයින් සහ සමාගම් 69ක් මේ වන්විට හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් මෙම අධිභාරය අය කර ගැනීමේදී රුපියල් බිලියන 105ක් ලැබෙන බවට ඇස්තමේන්තු කර ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ එම අධිභාරය ETF, EPF සහ තවත් අරමුදල් 09 කට කිසිසේත්ම අදාළ නොවන බවයි.