ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙසටයි.
ගුණතිලකගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.


