28.4 C
Colombo
Saturday, May 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරිජ්වේ ආර්යා රෝහලට ළමුන් ඇතුළත් කිරීම සීමා කෙරේ

රිජ්වේ ආර්යා රෝහලට ළමුන් ඇතුළත් කිරීම සීමා කෙරේ

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අටේ වාට්ටුවට ළමා රෝගීන් ඇතුළත් කිරීම සීමා කර තිබේ.

දින 16ක කාලයක් වෛද්‍යවරියක ඇතුළු වෛද්‍යවරුන් තිදෙනෙකු රාජකාරි පැහැර හැරීම නිසා නේවාසික රෝගි දරුවන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු අඩාළ වී ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මේ වනවිට එම වාට්ටුවේ ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලබන්නේ සීමාවාසික වෛද්‍යවරුන් බවත් එය දරුවන්ගේ ජීවිතවලට අවදානමක් ඇති බවත් රෝහල් ආරංච්මාරග පවසති.

මෙම වෛද්‍යවරු තිදෙනාගේ නොපැමිණීම සම්බන්ධයෙන් රෝහල් බලධාරින් සෞඛ්‍ය අමාත්‍යාංශයටද දැනුම් දීමක් සිදුකළද මෙතෙක් එම වෛද්‍යවරිය ඇතුළු වෛද්‍යවරු තිදෙනාට අදාළව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.