බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග දැන් පැවැත්වෙන තරගයේදී ශතකයක් ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත් වුණා.
එය ඔහුගේ 3වන එක්දින ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.
පන්දු 113කින් ලබාගත් මෙම ලකුණු 104ට හතරේ පහර 14ක් ද ඇතුලත්.
ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 34ක් අවසානයේ 1ක කඩුල්ලක් දැවී ලකුණු 191ක් ලබා සිටිනවා. දිමුත් කරුණාරත්න 80යි.


