― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅක්කාගේ යකඩ කූරු පහර දස හැවිරිදි මල්ලීට දිවි අහිමි කරයි

අක්කාගේ යකඩ කූරු පහර දස හැවිරිදි මල්ලීට දිවි අහිමි කරයි

යකඩ කුරකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දස හැවිරිදි පිරිමි දරුවකු මියගොස් තිබෙනවා.

ඒ මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

එකම පවුලක ඥාතීන් වන මියගිය දරුවා සහ තවත් දරුවෙක් සෙල්ලම් කරමින් සිටිය දී පහර දුන් යකඩ කූර නළල පසාරු කරගෙන ගොස් ඇත.

පහරදීම සිදුකළ බව කියන දොළොස් හැවිරිදි දැරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරක්ෂාව පතා ළමා නිවාසයක රැඳවීමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටාන පොලිසිය විසින් සිදු කරනු ලබයි.