― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමී කැඩීමට ගිය දෙදරු පියා වන අලියාට බිළි

මී කැඩීමට ගිය දෙදරු පියා වන අලියාට බිළි

අනුරාධපුර, උට්ටිමඩුව, සියඹලෑව රක්ෂිත‍යේ මී වද කැඩීමට ගිය පුද්ගලයෙක් ඊයේ (07) වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උට්ටිමඩුව, වන්නම්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා තවත් තිදෙනෙකු සමඟ ඊයේ (07) දින සියඹලෑව රක්ෂිතයට මී වද කැඩීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී පිටුපසින් පැමිණි වන අලියෙකු එකවරම මෙම පහරදීම සිදුකර ඇති අතර, එහිදී මෙම පුද්ගලයා ප්‍රහාරයට ගොඳුරු වී ඇති බව සඳහන්.

අනෙක් පුද්ගලයින් තිදෙනා දිවගොස් දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර, පසුව ඔවුන් ගම්මානයට ගොස් සිද්ධිය පිළිබඳව ගම්වාසීන්ට පවසා තිබෙනවා.

අනතුරුව ප්‍රදේශවාසීන් තිරප්පනේ පොලිසිය සහ වනජීවී නිලධාරීන් සමඟ පැමිණ, මියගිය පුද්ගලයාගේ සිරුර කැළෑව තුළ තිබී සොයාගත් බවයි වාර්තා වුණේ.

තිරප්පනය හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ස්ථානයේ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මිය ගිය පුද්ගලයාගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.