27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාස්කු චෝදනාවලින් නිදොස් කරන්නැයි මෛත්‍රී ඉල්ලයි

පාස්කු චෝදනාවලින් නිදොස් කරන්නැයි මෛත්‍රී ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම සලකා බැලීම මාර්තු 09 වැනිදා කැඳවන ලෙස කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය අද (15) නියෝග කළේය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් විසින් තමන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු නිෂ්ප්‍රභ කොට තමන්ව සියලු චෝදනාවලින් මුදාහරින ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එම අභියාචන පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහිදී මෙම පෙත්සම වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින වින්දිතයින්ට නොතීසි නිසි පරිදි ලැබී නොමැති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් එම පෙත්සම සලකා බැලීම මාර්තු මස 09 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

පෙත්සම ඉදිරිපත් කෙරූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අධිකරණය හමුවේ කියා සිටින්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන මෙන් එම සිද්ධියෙන් මියගිය අයගේ ඥාතීන් හා තුවාල ලැබුවන් විසින් තමන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 109 ගොනු කර ඇති බවයි.

එම නඩු පවත්වාගෙන යාමට නොහැකි බවත් එම චෝදනාවලින් තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලමින් තම නීතිඥවරු කොළඹ දිසා අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළද එම මූලික විරෝධතා ඉකුත් ජනවාරි 07 වැනිදා දිසා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

දිසා අධිකරණය දුන් එම තීරණය නීතියට පටහැනි බවත් එමනිසා කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අදාළ නඩුවලින් මුදාහරින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලයි.