22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකැමිලා ආදිපාදවරියටත් කොවිඩ්

කැමිලා ආදිපාදවරියටත් කොවිඩ්

කෝන්වෝල්හි ආදිපාදවරිය, කැමිලා පාකර් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි ක්ලැරන්ස් මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු දෙවන වරටත් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් දින 04කට පසු ඔහුගේ බිරිඳ වන කැමිලා පාර්කර්ද කොවිඩ් ආසාදිත බවට ඊයේ (14) තහවුරු වී ඇත.

රජයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔවුන් දෙදෙනාම මේ වන විට ස්වයං නිරෝධායනයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 74 හැවිරිදි කැමිලා ආදිපාදවරිය එන්නත් මාත්‍රා තුනම ලබා තිබේ.