― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැණි බෙදපු ධම්මිකගේ සහෝදරයා කොරෝනා වැළඳී ජීවිතක්ෂයට

පැණි බෙදපු ධම්මිකගේ සහෝදරයා කොරෝනා වැළඳී ජීවිතක්ෂයට

පසුගිය කාලයේ ධම්මික පැණිය නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි කෑගල්ලේ, උඩුමාගම ධම්මික බණ්ඩාර නමැත්තාගේ බාල සහෝදරයෙක් කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත..

කෑගල්ල පොලිස් වසමේ, හෙට්ටිමුල්ල, මාකූර, ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන්බණ්ඩා නමැති 58 හැවිරිදි විවාහක තිදරු පියෙක් මෙලෙස මියගොස් තිබේ.

ඔහු පසුගිය 12 වැනිදා නිවසේදී ජීවිතක්ෂයට පත්ව ඇත. පසුව කෑගල්ල, නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය හා කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් කුමාර පාරඹේ (53469) යන නිලධාරියා පසුදා නිවසට ගොස් දේහය කෑගල්ල මහ රෝහලට වැඩිදුරට පරීක්ෂණ සඳහා රැගෙන ගොස් ඇත.

කෑගල්ල මහ රෝහලේදී සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු විය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහු කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මිය ගොස් ඇති බව තහවුරු විය.