― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලක්ෂ 66ක් වටිනා රන් කාසියක් සොරකම කළ 3ක් අත්අඩංගුවට

ලක්ෂ 66ක් වටිනා රන් කාසියක් සොරකම කළ 3ක් අත්අඩංගුවට

එළිසබත් රැජිනගේ රූපය අඩංගු කර  තනන ලද  ලක්ෂ 66 අධික වටිනා ඕස්ට්‍රේලියානු $ 1000 රන් කාසියක් බණ්ඩාරගම වැල්මිල්ල හඳුන්වන්න ප්‍රදේශයේ නිවසකින් සොරාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑම් 311 ක් පමණ එම රන් කාසියේ බර බවයි පොලීසිය සඳහන් කළේ .

එම රන් කාසියේ හිමිකාරිය වන 57 කාන්තාවක් පෙරේදා (9) පොලීසිය වෙත  පැමිණිල්ලක් සිදු කරමින්  ඇය විවාහ වී සිටින ඕස්ටියන් ජාතික සැමියා වරින් වර ජර්මන් රටට ගොස් මෙරටට පැමිණෙන බවත් ඉකුත්  මස 21 වෙනි දින සැමියා මෙරටට පැමිණි බවත් ඇය කළ පැමිණිල්ලේ සඳහන්.

පැමිණිලිකාරිය ගේ සැමියා රෝගී තත්ත්වයකින් පසුවූ බැවින් ඔහු  නිවසේ නතර කර ඉකුත් 8 වෙනි දින අවශ්‍යතාවයක් සඳහා මාතරට ගොස් පසුදින (9) නිවසට පැමිණ නිවසෙහි ඉදිරි දොර විවෘත කර නිවෙස තුලට යන අවස්ථාවේදී සිය සහෝදරියගේ 16 හැවිරිදි දියණිය ද නිවසේ කබඩ් එකේ  වීදුරු කඩලා තියනවා යැයි කෑ ගසා පැවසූ බවත්  පසුව එය පැමිණිලිකාරිය පරික්ෂා කළ අවස්ථාවේදී ඒ තුළ දමා තිබූ  රන් කාසිය සොරාගෙන ගොස් ඇති බවට දැක තිබූ පොලිසිය කියයි.

පැමිණිලිකාරිය විවාහ වී සිටින ඕස්ට්‍රේලියන් ජාතික සැමියා  ඇයව විවාහ කර ගැනීම සඳහා පැමිණෙන විට මෙම රන් කාසිය තෑගි දුන් බවත් මුහුණත ප්‍රදේශයේ එලිසබත් රැජනගේ  රුවත් පසුපස කොටසේ කැන්ගරුවෙකුගේ  රූපයක් තිබූ බව බවත්  එය සුරක්ෂිතව නිවසේ සාලයේ  කබඩ් එකක් තුල තැන්පත් කර තිබූ බවත්  එම කාන්තාව කරන ලද පැමිණිල්ලේ සඳහන් වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය  නිවසට ඇතුළු වූ සොරුන් මුළුතැන්ගෙයි දොර කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව නිවසේ සිටි 16 හැවිරිදි ඥාති දියණිය මාර්ගයෙන් තොරතුරු ලබාගෙන  රන් කාසිය පිලියන්දල  මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව අනාවරණය කරගත් පොලිසිය එම පුද්ගලයාට අත්අඩංගුවට ගෙන සොරකමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිලියන්දල සූරියවැව හා පාදුක්ක පදිංචිකරුවන්ය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය