පොලිස්පති ධුරයේ රාජකාරී කිරීම සඳහා සී.ඩී. වික්‍රමරත්නට තවත් මාස 3ක සේවා දිගුවක් ලබා දෙමින් ඊට අදාළ ජනපතිගේ නිර්දේශය අනුමත කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.
කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (10) අදාළ නිර්දේශය තමන් වෙත යොමු කළ බවත් ලබන සතියේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන බවත්ය.