සමූපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව රජය විසින් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කටයුතු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වනවා.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා පිළිබඳ අමාත්‍යවරයා විසින් ඒ සඳහා වන යෝජනවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.