25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් කොස්තාපල්වරිය සහ ඇයගේ සැමියා පොලිස් ස්ථානය තුළ ගුටිබැට හුවමාරුවක

පොලිස් කොස්තාපල්වරිය සහ ඇයගේ සැමියා පොලිස් ස්ථානය තුළ ගුටිබැට හුවමාරුවක

පොලිස් ස්ථානයක් තුළ දී පොලිස් කොස්තාපල්වරියක් සහ ඇයගේ සැමියා අතර සිදු වූ ගුටිබැට හුවමාරුවක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ඒ පොලිස් කොස්තාපල්වරිය විසින් ඇයගේ සැමියා සහ සැමියාගේ සොයුරියට විරුද්ධව පැමිණිල්ලක් සිදු කිරිම හේතුවෙන් ය.

එම පැමිණිල්ල විභාග කිරීමට අහංගම පොලිසියට පැමිණි අවස්ථාවේ දී කලහකාරී ලෙස හැසිරීම ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙන බව අහංගම පොලිසිය සඳහන් කළේ ය.

එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් තිදෙනාම අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පසුව ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා මුදාහැරීමට නියෝග කර ඇත.