27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඹර ප්‍රහාරයට ලක් වූ කාන්තාවක් ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයට ලක් වූ කාන්තාවක් ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක් අද (17) පෙරවරුවේ මිය ගොස් ඇති බව ලිඳුල පොලිසිය පවසනවා.

ලිදුල පොලිස් බල ප්‍රදේශයේ බබරකැළේ වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවක් අද (17) උදෑසන මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

65 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර ඇයගේ මළ සිරුර මේ වනවිට ලිඳුල රෝහලේ තැන්පත් කර ඇති තිබෙනවා.

මෘත දේහය පිළබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.