― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsX-Press Pearl එකඟතා ගැන කතා කිරීමට කණ්ඩායමක් සිංගප්පූරුවට

X-Press Pearl එකඟතා ගැන කතා කිරීමට කණ්ඩායමක් සිංගප්පූරුවට

X-Press Pearl නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂ කණ්ඩායම අද (17)සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
එම කණ්ඩායමේ ප්‍රධානත්වය දරන්නේ නීතිපති සංජය රාජරත්න මහතා ය.

හෙට හා අනිද්දා ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නෞකා සහ රක්ෂණ සමාගම්වල නීතිඥයින් සහ නිලධාරීන් ඊට එක්වීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ හානියට අදාළ වන්දි මුදල අමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක් ලෙස ගණන් බලා තිබේ.