26.1 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතන 65කට ජනපතිගෙන් සම්මාන

රාජ්‍ය ආයතන 65කට ජනපතිගෙන් සම්මාන

ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (18) පැවැත්වේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟා කරගත් ආයතන සඳහායි මෙලෙස සම්මාන පිරිනැමීමට නියමිතව ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එම සම්මාන ප්‍රදානය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත අතර රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමීම නියමිතය.