26.7 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පෙති තොගයක් පාන් ගෙඩියකින් මතුවෙයි

මත්පෙති තොගයක් පාන් ගෙඩියකින් මතුවෙයි

මත්පෙති ජාවාරමේ යෙදුණ පුද්ගලයෙකු මත්පෙති 1793ක් සමග බදුල්ලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල, මහියංගණය මාර්ගයේ ඖෂධ අලෙවිසැලක පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති බෙදාහරින බවට එම කඳවුරේ නිලධාරීන් හට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා ගනිමින් මෙම ඖෂධ ශාලාව හදිසි පරික්ෂාවට ලක්කර තිබෙනවා. එම පරික්ෂාවේදී මත්පෙති 1705 සහ පාන් රාත්තලක් තුළ සඟවා තිබූ මත් පෙති 88 ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම මත්පෙති තොගය බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට භාරදීමට කටයුතු කර තිබෙනවා.

මෙම ඖෂධ ශාලා හිමිකරුට එරෙහිව නිතිමය කටයුතු සිදුකර නඩු පැවරිමට කටයුතු කරන බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් පැවසිය.