― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසස් පෙළ අයදුම් පත්‍ර කැඳවීම 28 වැනිදායින් අවසන්

උසස් පෙළ අයදුම් පත්‍ර කැඳවීම 28 වැනිදායින් අවසන්

උසස් පෙළ විභාගයේ අයදුම් පත්‍ර කැඳවීම ලබන 28 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරුණේ පසුගිය 7 වනදායි. ඒ අනුව මෙම කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කරනු නොලබන විභාගය සඳහා ප්‍රථම වතාවට පෙනී සිටින කිසිදු අයදුම්කරුවෙකුට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සහන කාලසීමාවක් ලබාදීමක් සිදු නොකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අවධාරණය කළේ.

කෙසේවෙතත් මෙම විභාගය සඳහා දෙවන හෝ තුන්වන වර හෝ ඊට පසු වාරයක් සඳහා අයදුම් කිරීම වෙනුවෙන් අවසන් වරට (2023.01.23 සිට 2023.202.17 දක්වා) පැවති උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන අයදුම්කරුවන් සඳහා පමණක් ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. පසුගිය පෙබරවාරි මස 17 වනදා අවසන් වූ උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ දක්වා ප්‍රමාද වීම සඳහා බලපෑ කරුණු රැසක් විභාග දෙපාර්තමේන්තුවේ පාලනයෙන් පරිබාහිර කරුණු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එම ගැටළු සඳහා වූ විසඳුම් ක්‍රියාමාර්ගවලදී හැකි සෑම අවස්ථාවකදීම දෙපාර්තමේන්තුවේ උපරිම දායකත්වය ලබාදී ඇති බව එම ක්‍රියාවලිය ආරම්භයේ සිට මේ දක්වා සමීපව නිරීක්ෂණය කළ ඕනෑම අයෙකුට අවබෝධ වනු ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට ප්‍රතිඵල ඇගයීම් ක්‍රියාවලිය එහි අවසන් අදියරට එළඹෙමින් පවතින අතර මෙම විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට හැකිවනු ඇති බවටයි විභාග දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරන්නේ. උසස් පෙළ විභාගයක් සංවිධානය කර පැවැත්වීම සඳහා අවශ්‍ය වන අවම කාල සීමාව සැළකිල්ලට ගෙන පසුගිය 7 වනදා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලද අතර රට තුළ පැවති විවිධ අර්බුදකාරී වාතාවරණයන් හමුවේ වුව ද දෙපාර්තමේන්තුව විසින් නියමිත කාලසීමාවන් තුළදී මෙම තීරණයන්ට නොඑළඹුනි නම් 2023 උසස් පෙළ විභාගය පැවැත්වීම 2024 වසරේ මාර්තු මාසයෙන් ඔබ්බට ප්‍රමාද විය හැකිව තිබූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළා.