― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතවත් භාණ්ඩ 328ක ආනයන සීමා අද රාත්‍රියේ සිට ඉවතට

තවත් භාණ්ඩ 328ක ආනයන සීමා අද රාත්‍රියේ සිට ඉවතට

තවත් භාණ්ඩ 328 කට පනවා තිබූ ආනයන සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍ය සියඹලාපිටිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

මේ අනුව දැනටමත් භාණ්ඩ විශාල සංඛ්‍යාවක ආනයන සීමා ඉවත් කර තිබෙනවා.

රජය අවසන් වරට භාණ්ඩ 240කට අධික ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කළේ පසුගිය ජුනි මස 10 වැනිදායි.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේ සිට දීර්ඝ කාලීන දැඩි ආනයන සීමා කිරීම්වල කොටසක් ලෙස රජය භාණ්ඩ කිහිපයක් සඳහා තහනමක් පනවනු ලැබුවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයන තහනම පසුගිය වසරේ නොවැම්බර් මස තරම් මෑතක් වන තුරුම අඛණ්ඩව පැවති අතර ඉන් පසුවයි භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කළේ.