― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට තර්ජනාත්මක පණිවිඩ යැවූ සැකකරු රිමාන්ඩ්

රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට තර්ජනාත්මක පණිවිඩ යැවූ සැකකරු රිමාන්ඩ්

අරගලය පැවති සමයේ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යැවීම සහ ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක පල කිරීම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු අගෝස්තු මස 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාඋල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අරගලය සමයේ මෙම සැකකරු රාජ්‍ය අමාත්‍යවරයාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යොමු කර ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම ෆේස්බුක් ඔස්සේ මෙම සැකකරු අමාත්‍යවරයාට එරෙහිව තර්ජනාත්මක පල කිරීම් සිදුකර ඇතැයි සඳහන් කළ ජේෂ්ඨ රජයේ නීතිඥවරයා පුද්ගලයින්ට අදහස් පළකිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවී තිබුණත් එය නීති විරෝධී ආකාරයට පරිහරණය කිරීමට අවකාශ නොමැති බවත් පෙන්වා දුන්නා.

මෙම ක්‍රියාව තුළින් සැකකරු පාර්ලිමේන්තු වරප්‍රසාද පනතද උල්ලංඝනය කර තිබෙන බවයි රජයේ නීතිඥවරයා සඳහන් කළේ.

මෙම ක්‍රියා තුළින් සැකකරු ඇප පනතේ විධිවිධාන ද උල්ලංඝනය කර තිබෙන හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙසත් ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ සැකකරු අගෝස්තු මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.