― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවසර තුනකදී රිය අනතුරුවලින් 7172ක් මිය ගිහින්

වසර තුනකදී රිය අනතුරුවලින් 7172ක් මිය ගිහින්

පසුගිය වසර තුන තුළ මෝටර් රථ අනතුරු හේතුවෙන් වාර්ෂිකව සාමාන්‍යයෙන් පුද්ගලයන් 2,400 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව 2020, 2021 සහ 2022 වසරවල පුද්ගලයන් 7,172ක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම වසර තුනක කාලය තුළ මාරක රිය අනතුරු 67,687ක් වාර්තා වී තිබෙනවා.

පොලිසියේ වාර්තාවට අනුව, 2020 වසරේ COVID-19 අර්බුද සමය තුළ පුද්ගලයන් 2,144ක් රිය අනතුරු හේතුවෙන් මිය ගොස් ඇතැයි සඳහන්.

මෙයට අමතරව 2020 වර්ෂයේදී රිය අනතුරුවලින් 2144 දෙනෙක් මියගොස් තිබෙනවා.

2020 වසරේදී දිවයින පුරා මාරක රිය අනතුරු 2040ක් ද 2021 වසරේ මාරක රියඅනතුරු 2414 ක් ද 2022 වසරේ මාරක රිය අනතුරු 2395 ක්ද සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

2021 වසරේ රිය අනතුරු මරණ සංඛ්‍යාව 2,513 දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය 2022 වසරේ පුද්ගලයින් 2,515 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ පසුගිය 2022 වසරේදී යි.

පොලීසිය පැවසුවේ, රිය අනතුරු සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණද, මරණ සංඛ්‍යාව භයානක මට්ටමකට ඉහළ ගොස් ඇති බව යි.