― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවතු ජනතාවගේ සුබසිද්ධිය සඳහා ඉන්දියාවෙන් රුපියල් මිලියන 3000ක්

වතු ජනතාවගේ සුබසිද්ධිය සඳහා ඉන්දියාවෙන් රුපියල් මිලියන 3000ක්

ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000ක මුදලක් ලබාදීමට නියමිත බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

අදාළ මුදල් භාවිතා කරමින් කොටගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීමටද සැලැසුම් කරන බව ද ඔහු සඳහන් කළා.

දෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණි අමාත්‍යවරයා කටුනායක ගුවන් කොටුපලේදි මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා…

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපි කණ්ඩායමක් ඉන්දියාවට ගියා. කඳුකර ජනතාවගේ ප්‍රශ්ණ, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, බලශක්ති හා විදුලිබල ක්ෂ්ත්‍රයේ ආයෝජන සම්බන්ධ පිළිබඳව එහෙදි අප සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා.

මෙහෙදි විශේෂයෙන්ම කඳුකරයේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට නිවාස ඉඳි කිරීමේ ප්‍රශ්ණ විසඳේවී. ඉන් පසු ජනතාවගේ ජීවනෝපාය හා ජීවන තත්ත්වය උසස් කළ යුතුයි. ඒ සඳහා අධ්‍යාපනය විකල්පයක් බව මා පෙන්වා දුන්නා. උඩරට වතුකරයේ ජනතාවගේ සංවර්ධනයට රුපියල් මිලියන 3000ක් ඉන්දියාව ලබා දෙනවා. එම මුදල් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වියදම් කරනවා.

ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ මෙම වසරට වසර 200ක් ගත වෙනවා. ඔවුන්ගේ කලා, සංස්කෘතික වටිනාකම් පිළිබිඹු කිරීම සඳහා අනුමත කරන ලද ජාතික උත්සවය නොවැම්බර් මාසයේදි පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයා මෙම මස 26 වැනි දින සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා තිබෙනවා. එහිදී 13 වැනි ආණ්ඩුක්‍රම යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත තිබෙනවා.”